ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් 500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් 500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවෙන් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවමත් දිවි ගලවා ගත් අය සොයා ගලවාගැනීම් කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා

පසුගිය සෙනසුරාදා (07) උදෑසන රිච්ටර් මාපකයේ 6.3 ක ඇතිවූ භූමිකම්පාවෙන් Herat පළාතට දැඩි බලපෑමක් ඇතිවුණා

අතුරුදන් වූ පුද්ගලයන් 500 කට වැඩි පිරිසක් සෙවීම සඳහා මෙහෙයුම් සිදු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

අවහිර වූ මාර්ග සහ සන්නිවේදන මාර්ග අක්‍රිය වීම නිසා ප්‍රමාද වූ ආධාර ඊයේ (09) සිට ලැබීමට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවට බියක් පවතින බවද සඳහන් වනවා

මේ වන විට 1,600 කට වඩා වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා සිටින අතර ඔවුන්ට රෝහල්වල නවාතැන් ගැනීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රතිකාර ලබන භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අයගෙන් බහුතරයක් කාන්තාවන් සහ ළමයින් බවයි එක්සත් ජාතීන් පවසන්නේ

Share This