ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යාංශය අසල පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යාංශය අසල පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යාංශය ආසන්නයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 6 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එරට විදේශ අමාත්‍යාංශය අසල පිහිටි ව්‍යාපාරික ස්ථානයක දී එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය ගිය සහ තුවාල ලැබුවන් අතර ළමුන් ද වන බව සඳහන්.

ප්‍රහාරකයා සහ ඔහුට සහය දැක්වීම සඳහා සිටි තවත් අයෙකු එරට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Share This