ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 17ක් මරුට -26කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 17ක් මරුට -26කට තුවාල

උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සමන්ගන් පළාතේ අයබක් නගරයේ මෙම පිපිරුම සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරය ළමුන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This