ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහක් සමග මෙගොඩ කොළොන්නාවේ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහක් සමග මෙගොඩ කොළොන්නාවේ පුද්ගලයෙක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහයි ග්‍රෑම් දෙසිය දොළහක් සමග පුද්ගලයකු පෙරේදා (03) රාත්‍රී වැල්ලම්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැව්සුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ මහමඟ සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටියදී ලද තොරතුරකට අනුව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබුණා.

පසුව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඈෂ් මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණය වීමත් සමග එය කිරා මැන බැලීමේදී ඒ තුළ කිලෝ 12 ග්‍රෑම් 212 තිබූ බව පොලිසිය සඳහන් කළා.

සැකකරු අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

 

Share This