ඉක්වදෝරයේ බන්ධනාගාරයක රැඳවියන් 20ක් ජීවිතක්ෂයට
ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇති වූ කෝලාහලයකින් අවම වශයෙන් රැඳවියන් 20 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආරක්ෂක අංශ සාමාජිකයින් 1,000 ක් පමණ යෙදවීමෙන් පසු El Turi බන්ධනාගාරයේ ගැටුම් නතර වූ නමුත් රැඳවියන් තවමත් ආයුධ සහිතව සිටින බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ
එක් කල්ලියක් බන්ධනාගාරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට උත්සාහ කිරීමත් සමග ප්‍රචණ්ඩත්වය ඇති වූ බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ
පසුගිය වසරේ බන්ධනාගාරවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 320 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා