
හැටන් නගරයේ විරෝධතාවය
ඉඩම් අයිතිය ඉල්ලා හැටන් සහ යාපනයේ විරෝධතා
ඉඩම් අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක් අද ප්‍රදේශ දෙකකදී පැවැත්වුණා.
වතුකරයේ ප්‍රධාන විරෝධතාවය හැටන් නගරයේ පැවති අතර එය වතුකරයේ සිවිල් ක්‍රියකාරී සංවිධාන විසින් සංවිධාන කර තිබුණා.
උද්ඝෝෂණය පැවති ස්ථානයට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැමිණි අතර ඔහු සඳහන් කළේ ඉඩම් ගැටලුව නිත්‍යානුකූලව විසදීමට වත්මන් රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.
මේ අතර පසුගිය යුද සමයේ ආරක්ෂක හේතූන් මත රජයට තාවකාලිකව පවරා ගත් ඉඩම්වල අයිතිය එහි හිමිකරුවන්ට යලි ලබා දෙන ලෙස ඉල්ලමින් යාපනය මයිලඩි හන්දියේ විරෝධතාවක් පැවැත්වුණා.
එයට එක්වූ පිරිස සඳහන් කළේ වසර 30කට වැඩි කාලයක් අහිමිව තිබූ ඔවුන්ගේ ඉඩම් යළි ලබා දෙන ලෙසයි.