
ඉඩම් ඔප්පු ලැබෙන්නේ මෙහෙමයි
පවුල් ලක්ෂ 20ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව වගකිව හැකි ලියවිල්ලක් සහිතව අදාළ ඉඩම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම ක්‍රමවේදය කාණ්ඩායම් කිහිපයකට බෙදන අතර ඉඩමේ පදිංචිකරු උරුමකරුවෙකු ලෙස අපි පිළිගන්නා බව සඳහන්.
ඒ සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමේ වැඩපිළිවෙල මෙලෙස දියත් කරනු ලබනවා. .
එමෙන්ම ඔවුන්ගේ අයිතිය හැකි ඉක්මණින් සනාථ කිරීම රජයේ අවශ්‍යතාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන කාණ්ඩ පහතින්,
01 වන කණ්ඩායම – දීමනා පත්‍ර ලැබී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය
02 වන කණ්ඩායම – අවසර පත්‍ර දී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය
03 වන කණ්ඩායම – දීමනා පත්‍ර ලැබී ඇත. මැන නොමැත.
04 වන කණ්ඩායම – අවසර පත්‍ර දී ඇත. මැන නොමැත.