ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා යාමෙන් ගුවන් ගමන්වලට බාධා

ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා යාමෙන් ගුවන් ගමන්වලට බාධා

ඉතාලියේ එට්නා (Etna) ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්වන කැටානියා (Catania) වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සාමාන්‍ය ආරක්‍ෂිත තත්ත්වයන් සහතික කරන තෙක් අත්හිටුවන බවයි ගුවන් තොටුපල සඳහන් කර ඇත්තේ

රෝමය, නැගෙනහිර සිසිලියානු නගරයක් (Sicilian city) වන කැටානියා (Catania) ගුවන් ගමන් නතර කර ඇත්තේ අසල පිහිටි එට්නා කන්දෙන් පුපුරා යාමෙන් එහි ධාවන පථවලට ගිනිකඳු අළු පැතිර තිබීම හේතුවෙනුයි.

මීටර් 3,330 උස ගිනි කන්ද වසරකට කිහිප වතාවක් සක්‍රීයවන අතර මධ්‍යධරණී දූපතට ඉහළින් ලාවා සහ අළු ඉහළට යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This