ඉතාලියේ ගංවතුර හේතුවෙන් 9ක් මරුට

ඉතාලියේ ගංවතුර හේතුවෙන් 9ක් මරුට

අධික වර්ෂාව හේතුවෙන් ඉතාලියේ උතුරු Emilia-Romagna ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම හේතුවෙන් පුද්ගලයින් 9දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවයි බලධාරීහු පවසන්නේ

ගංවතුර පවතින ප්‍රදේශයේ පුද්ගලයන් 10,000 ක් පමණ ඉවත් කර ඇති බවද සඳහන්.

බලධාරීන් පවසන්නේ ගංගා 14ක පමණ ඉවුරු කැඩී ඇති අතර නගර 23ක් ජලයෙන් යටවී ඇති බවයි.

ඉදිරි දිනවලදී ද මෙම ප්‍රදේශයට තවදුරටත් වැසි අපේක්ෂා කෙරෙන බවද එරට කාලගුණ බලධාරීන් පවසනවා.

Share This