
ඉතාලියේ නැගෙනහිර ප්‍රදේශයේ ඉන්ධනහළක දැවැන්ත පිපිරීමක් (VIDEO)
රෝමයේ ,නැගෙනහිර ප්‍රදේශයේ ඉන්ධනහළක අද සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර පුවත් වාර්තා කළා.
පිපිරීම සිදුව ඇත්තේ පෙට්‍රල්, ඩීසල් සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සපයන ඉන්ධනහළක් තුළයි.
පිපිරීම නගරයේ විශාල ප්‍රදේශකට ඇසුණු බව වාර්තා වුණා.
රෝමා ටුඩේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතනයක් එම ස්ථානයට ඉහළින් විශාල දුමාරයක් සහ ගිනිදැල් නැගී එන ආකාරය පෙන්වන පින්තූර ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පූර්වාරක්ෂාව සඳහා පියවරක් ලෙස අසල පිහිටි ටීනෝ මෙට්‍රෝ දුම්රිය ස්ථානය වසා දැමූ බව රෝමයේ පොදු ප්‍රවාහන ඒජන්සිය තහවුරු කළා.
හදිසි සේවා එම ස්ථානයේ සිටියදී ට්‍රක් රථයක් ගෑස් නළයක ගැටී ඇති බවට විශ්වාස කෙරෙන අතර, පොලිසිය පවසන්නේ අඛණ්ඩව පිපිරීම් දෙකක් සිදු වූ බවයි.
ටියානෝ උමං දුම්රිය ස්ථානය වසා දමා ඇති අතර අගමැති ජෝර්ජියා මෙලෝනි ආධාර ලබා දීම සඳහා නගරාධිපතිවරයා අමතා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
මේ අතර, ලියෝ පාප් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අසල්වැසි ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ ඉන්ධන පිරවුම්හලක පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් යාච්ඤා කරන බවටයි.
තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ අවම වශයෙන් එක් ගිනි නිවන භටයෙකු සිටින බව බලධාරීන් පැවසූ නමුත් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා පළ වුණා.
ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වෙනම රූපවලින් ඉන්ධන පිරවුම්හල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව පෙන්නුම් කළා.
ට්‍රක් රථයක් ඉන්ධන බෙදාහරින නළ මාර්ගයක ගැටීමෙන් පසු ගිනි නිවන භටයින් සහ ගිලන් රථ සේවකයින් එම ස්ථානයට කලින් කැඳවා තිබූ බැවින් පිපිරීමෙන් ඔවුන් සිරවී සිටි බව ප්‍රාදේශීය වාර්තා ලර තිබුණා.