ඉතාලියේ ප්‍රබලම මාෆියා කණ්ඩායමක 61ක් අත්අඩංගුවට

ඉතාලියේ ප්‍රබලම මාෆියා කණ්ඩායමක 61ක් අත්අඩංගුවට

ප්‍රදේශ හතක් පුරා සිදුකළ වැටලීම් මාලාවකින් පසු ඉතාලියේ ප්‍රබලම මාෆියා කණ්ඩායමක් වන ‘Ndrangheta’ ට සම්බන්ධ සැකකරුවන් 61 දෙනෙකු ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වංචා කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දේශීය ගොවීන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ඔවුන් සැක කරන බවයි පැවසෙන්නේ.

දැනට සිරගතව සිටින පිරිසට අමතරව පුද්ගලයන් 167දෙනෙකු ඉලක්ක කර ගත් මෙහෙයුමට පොලිස් නිලධාරීන් 500කට වැඩි පිරිසක් සම්බන්ධ වූ බවද සඳහන් වනවා

‘Ndrangheta’ ට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම මෙහෙයුම මෙය බවයි එරට පොලිසිය පවසන්නේ.

මෙම කණ්ඩායමේ ප්‍රධානියා යැයි කියනු ලබන පැස්කුවල් බොනවෝටා පසුගිය මාසයේ උතුරු ජෙනෝවා නගරයේදී අත්අඩංගුවට ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එරට බලවත්ම මාෆියා කණ්ඩායම ලෙස සැළකෙන Cosa Nostra අභිබවා ගොස් ලොව පුරා රටවල් 40 කට වැඩි ගණනක මෙම ‘Ndrangheta කණ්ඩායම ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This