ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවා

ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවා

ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පාසල් සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවා විසින් අදාළ සිදුවිය ඝාතනය කර කසළ බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා, කසළ බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීමට උත්සාහ කිරීමේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසල් සිසුවියක් වන අතර ඝාතනය සිදුකළ ශ්‍රී ලාංකික සම්භයක් ඇති පාසල් සිසුවා ද එම වයසේ පසුවන බව සඳහන්.

කලක පටන් ඔවුන් දෙදෙනා අතර තිබූ ප්‍රේම සබඳතාවය මියගිය සිසුවිය විසින් නවත්වා තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ සිසුවා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

ඝාතනයට ලක්වූ ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් ද දක්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඝාතනය සිදුකළ සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලියේ දී උපත ලැබූ එම පවුලේ එකම දරුවා වන බව සඳහන්.

Share This