ඉතාලියේ මිනිස් ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක්

ඉතාලියේ මිනිස් ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක්

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 72 දෙනෙකු මිය යාම පිළිබඳව ඉතාලියේ අගමැතිනි Giorgia Meloni විසින් අවධානය යොමු කර ඇති අතර මෙවැනි ජාවාරම්කරුවන්ට වසර 30 ක් දක්වා සිර දඬුවම් ලබා දිය යුතු බවට ඇය යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඉතාලියට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් සඳහා ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම පිළිබඳව ද අමාත්‍යවරු එකඟවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් Giorgia Meloni පවසා තිබෙන්නේ සංක්‍රමණිකයන්ට ආරක්ෂිතව ඉතාලියට ළඟා වීමට ඉඩ සැලසීම සඳහා වඩාත් වැඩිදියුණු කළ සහ නීතිමය මාර්ග විවෘත කළ යුතු බවයි.

වැඩිදුරටත් ඇය සඳහන් කරන්නේ “මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමට තවත් ක්‍රමයක් නම් නීතිවිරෝධී ලෙස ඉතාලියට ඇතුළු වීමට මුදල් නොගෙවන්නැයි යන පණිවිඩය යැවීම බව තමා විශ්වාස කරන බවයි”

Share This