ඉතාලියේ සිට පැමිණි යානයක සිටි 125කට කොවිඩ්

ඉතාලියේ සිට පැමිණි යානයක සිටි 125කට කොවිඩ්

ඉතාලියේ සිට ගුවන් යානයකින් උතුරු ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට පැමිණි මගීන් 125 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බව පරීක්ෂණවලින් හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ගුවන් යානයේ මගීන් 179 දෙනෙක් සිට ඇති අතර ආසාදිතයින් වූ මගීන් 125 දෙනාද මේ අය අතර සිට තිබෙන බවයි පැවසෙන්නේ

කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීහු පවසන්නේ  හුදෙකලා ස්ථානයක ඔවුන් තබන බවයි

මේ අතර ගුවන් යානයේ ගමන් කළ ළමුන් කොවිඩ් -19 සඳහා වන පරීක්ෂණවලින් නිදහස් කර ඇති බව වාර්තා වනවා

ඉන්දියාව ඊයේ (06) දින ආසාදිතයින්  90,000 කට වඩා වාර්තා කර ඇති අතර පසුගිය සතිය තුළ ආසාදිතයින් වාර්තා වීම හය ගුණයකින් වැඩි වීම සිදුව තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා බව විශේෂඥයින් පවසනවා.

පැය 24 තුළ රට තුළ මරණ 325 ක් වාර්තා වූ නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධ වී ඇත්තේ එක් අයෙකුට පමණක් බවයි  බලධාරීහු පවසන්නේ.

මහාරාෂ්ට්‍ර, බටහිර බෙංගාලය, දිල්ලි, කේරළ, තමිල්නාඩු, කර්නාටක සහ ජාර්කන්ඩ් යන ප්‍රාන්තවල  සතිපතා රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඉන්දියාව මේ වන විට කොවිඩ් රෝගීන් මිලියන 35 කට වඩා වාර්තා කර ඇති අතර වෛරසයෙන් 482,000 ක් පමණ මිය ගොස් තිබෙන බවයි පැවසෙන්නේ

2021 අප්‍රේල් සහ මැයි මාසවල ඇති වූ විනාශකාරී දෙවන රැල්ල නිසා රෝහල්වල ඇඳන්, ඔක්සිජන් සහ ජීවිතාරක්ෂක ඖෂධ අවසන් වීම නිසා ආසාදන සහ මරණ ගණන ඉහළ ගියා

ඔමික්‍රොන් ඇති අය පෙර පැවති ප්‍රභේදවලට සාපේක්ෂව අසාධ්‍ය ප්‍රතිකාර සඳහා රෝහලේ කාලය ගත කිරීමට ඇති ඉඩකඩ අඩු නමුත් ආසදිතයින්ගේ ඉහළ යාම සෞඛ්‍ය සේවා අඩාල විය හැකි බවටයි  සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ

විශේෂයෙන් ඉන්දියාව බහු ප්‍රාන්ත මැතිවරණ සඳහා දැවැන්ත රැලි පැවැත්වීම බරපතල කාරණයක් බවයි පැවසෙන්නේ

දිල්ලි සහ මහාරාෂ්ට්‍ර ඇතුළු ප්‍රාන්ත කිහිපයක් රැස්වීම් සීමා කිරීමට සහ වෛරසය පැතිරීම වැළක්වීමට සීමා කිරීම් සහ තාවකාලික ඇඳිරි නීතිය නැවත හඳුන්වා දී තිබෙනවා.

 

Share This