ඉතාලි මුහුදෙන් ටොන් 5.3ක කොකේන් තොගයක් සොයා ගැනේ

ඉතාලි මුහුදෙන් ටොන් 5.3ක කොකේන් තොගයක් සොයා ගැනේ

ඉතාලියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී ටොන් 5.3ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 946 පමණ වන බවයි.

සිසිලියේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නැව් දෙකක් අතර හුවමාරු කරමින් තිබියදී අදාළ කොකේන් තොගය සමග පුද්ගලයින් 05 දෙනෙකු ඉතාලි බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටියුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු, ඇල්බේනියානු ජාතිකයෙකු සහ ප්‍රංශ ජාතිකයෙකුයි

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ දී ද සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ පාවෙමින් තිබූ කොකේන් ටොන් 02ක තොගයක් ඉතාලි ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමට සමත් වුණා

Share This