ඉතියෝපියාවේ නාය යාමෙන් මියගිය ගණන 146 දක්වා ඉහළට

ඉතියෝපියාවේ නාය යාමෙන් මියගිය ගණන 146 දක්වා ඉහළට

ඉතියෝපියාවේ සිදුවූ නාය යාමෙන් මියගිය සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි එරට බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.

මිය ගිය අය අතර පිරිමි පුද්ගලයින් 90 දෙනෙකු සහ කාන්තාවන් 46 දෙනෙකු වන බව සඳහන්.

පැවති අධික වර්ශාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති අතර සෝදිසි මෙහෙයුම් සිදු කරන අතරතුර ද තවත් නාය යාමක් සිදුව තිබුණා.

Share This