ඉතිහාසගත වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන්
මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය අද (04) දින සටහන් වී තිබෙනවා.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
මීට පෙර 2022 වසරේ ජනවාරි මාසයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වී තිබුණා.