ඉතිහාසයේ පළමු වරට ලියාපදංචි වී විදෙස් ගතවූ පිරිස ලක්ෂ තුන ඉක්මවයි (VIDEO)

ඉතිහාසයේ පළමු වරට ලියාපදංචි වී විදෙස් ගතවූ පිරිස ලක්ෂ තුන ඉක්මවයි (VIDEO)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එමෙන්ම ඉතිහාසයේ පළමු වරට විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදෙස් ගතවූ වසර ලෙස ද 2022 වසර වාර්තා ගත වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.

මීට අමතරව විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති අතර ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

Share This