ඉතිහාසයේ සිදුකළ වහල් වෙළඳාමට සමාව ඉල්ලූ ලන්දේසි රජු

ඉතිහාසයේ සිදුකළ වහල් වෙළඳාමට සමාව ඉල්ලූ ලන්දේසි රජු

තමාට පෞද්ගලිකව සහ දැඩි ලෙස බලපෑමක් ඇති වූ බව පවසමින් නෙදර්ලන්ත රජු Willem-Alexander විසින් වහල් වෙළඳාම කෙරෙහි තම රටෙහි භූමිකාව ගැන නිල වශයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

17 වන ශතවර්ෂයෙන් පසු රට ප්‍රධාන යටත් විජිත රාජ්‍යක් බවට පත් වූ අතර, ලොව පුරා භූමි ප්‍රදේශ හිමි කර ගත් අතර ලන්දේසි වහල් වෙළෙන්දෝ මිනිසුන් 600,000 කට වඩා ජාවාරම් කළ බව ඉතිහාසයේ සඳහන්.

Willem-Alexander රජු මෙම වහල් වෙළඳාම භීෂණකාරී තත්ත්වයක් ලෙස හඳුන්වා තිබෙනවා.

ඒ සමයේදී රජ පවුල වහල් වෙළඳාම නතර කිරීමට කිසිවක් නොකළ බව බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

රට තුළ වහල්භාවය අහෝසි කිරීමේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජූනි මාසයේදී, නව අධ්‍යයනයකින් හෙළි වූයේ 1675 සිට 1770 දක්වා කාලය තුළ වහල්භාවය බලාත්මක කරන ලද යටත් විජිතවලින් ලන්දේසි පාලකයින්ට අද දින මුදලින් යුරෝ මිලියන 545 (ඩොලර් මිලියන 595) ට සමාන මුදලක් ලැබුණු බවයි.

17 වන ශතවර්ෂයේදී නෙදර්ලන්තය ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, කුරසාවෝ සහ බටහිර පැපුවා යන ප්‍රදේශවලින් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගත් අතර අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමේ ප්‍රධානියා බව සඳහන්.

Willem-Alexander රජු ජනතාව ඉදිරියේ සමාව ගැනීමෙන් ප්‍රථම වරට මහ ජනතාවගෙන් සමාව ඉල්ලූ රජු වශයෙන් ඉතිහාස ගත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This