ඉදිරියේ දී පැය 10ක් විදුලිය කැපෙයි ද ? (වීඩියෝ)
ඉදිරියේ දී පැය 10ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.
මේ අතර හෙට (26) දිනයේ දීත් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ, අනුව හෙට (26) දිනයේ දී පැය 05ක විදුලි කප්පාදුවක් සඳහා මෙලෙස අවසර හිමිව තිබෙනවා.
මේ අතර විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේ දී කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.
අද (25) මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.