ඉදිරි කාල සීමාව තවදුරටත් තීරණාත්මක විය හැකියි -වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානීයෙක්ගෙන් අනාවරණයක්

ඉදිරි කාල සීමාව තවදුරටත් තීරණාත්මක විය හැකියි -වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානීයෙක්ගෙන් අනාවරණයක්

රට තුළ මේ වන විට පවතින කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණ ද ⁣පෙර පරිදි දිගට ම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සීමාව තවදුරටත් තීරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා

ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ ( 29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “පහුගිය මාස දෙකක විතර කාලයක් ජනතාව සාපේක්ෂව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවීමක් සෑහෙන දුරට අපි දැක්කා. ඒවායේ ප්‍රතිඵලයක් විදියට අපිට මේ යම් සාර්ථකත්වයක් ලඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
හැබැයි ඉතින් ඒකෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් අපිට ආයේ සම්පූර්ණ ඒවායෙන් බැහැර වෙන්න පුළුවන් කියලා.

දෛනික රෝගීන් දාහක් විතර වාර්තා වෙනවා කියන්නේ තවමත් ඇති ඒ මට්ටමේ ඉඳන් ඒක ඉදිරියට යන්න. හරියට මේක කළමනාකරණය කරගත්තේ නැත්නම් තවමත් ඒක ඉතාමත් හොඳ ආරක්ෂිත තත්ත්වයක් කියලා හිතන්නට බැහැ.”

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පසුගිය කාල සීමාව තුළ ”අපට වැරදුණු තැන” වූයේ, වසංගතය යම් කිසි අයුරකින් පාලනය වූ අවස්ථාවකට පැමිණි විට නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳීමට යාම බවත් මෙවර ද එසේ කළහොත් යළි තවත් රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්ය.

“සිංහල අවුරුද්දට ඉස්සර අපි රටේ වාතාවරණය අනුව රෝගීන් 100-150 ක් අතර පාලනය කරපු රටක්

සිංහල අවුරුදු නිවාඩුව පටන් ගද්දී. හරියට ම 18 වන දා ඉඳන් රෝගීන් වැඩිවීම පාලනය කරන්න අපි කාටවත් පුළුවන්කම තිබුණේ නෑ. තාමත් ඒකෙන් ගන්න ඕනි පාඩම තමයි හොඳ පදනමක් දාගෙන තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ, වගකීම්වලින් අපි නිදහස් වෙලා තියෙනවා කියලා. ඉදිරි කාලය ඉතාමත් තීරණාත්මකයි. මොකද හොඳ පාලනයක් දැනට පැවතුණාට ඒ පාලනය මේ වෙලාවෙදී අපෙන් ගිළිහුණොත් ඒ මට්ටමේ ඉඳන් ඊට වඩා ඉතාමක් භයානක මට්ටමකට යාමේ හැකියාව තියෙනවා.

ඒක හින්දා ඒක කළමනාකරණය කරගන්න ජනතාවට තමා ලොකු ම කාර්යභාරය තියෙන්නේ.

යම් දෙයක් ළඟා කරගන්න ලේසියි. ඒක පවත්වාගන්න එක තමා විශාලතම අභියෝගය වෙන්නේ. ඒ අභියෝගය තමා අපි අතර තියෙන්නේ. හැම තිස්සේ ම අපිට වැරදුණු තැන තමයි අපි සමහර වෙලාවට යම් කිසි පාලනයක් ආවාට පස්සේ ඔක්කෝ ම අමතක කරලා, සුපුරුදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැතිව නිදහස ඕනෑවට වඩා භුක්ති විඳින්න ගියොත් ආයෙමත් රැල්ලක් ඇතිවෙන එක වළක්වන්න බැහැ.”

Share This