
ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළේ දැවැන්ත වෙනසක් සිදුවෙනවා -ඇමති සුසිල්-
විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව කෘත්‍රිම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරාවන් වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බවයි අමාත්‍යවරයා සනහන් කර සිටියේ.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100 ක කෘතිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී එක් වෙමින්.
ඉදිරි දශකයක කාලය ඇතුළත මේ වන විට පවත්නා රැකියා වෙළෙඳපොළ මුළුමනින් ම වෙනස් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මග නො හැර එයත් සමග අපට අනාගතය කරා පියවර තබන්නට සිදු වීම අනිවාර්ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.