ඉන්දියාවට ලකුණු 249ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 249ක ඉලක්කයක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා පිති හරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුලත්.

මීට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් සහ පැතුම් නිස්සංක ලකුණු 45ක් ලබා ගත්තා.

මේ අනුව ඉන්දියාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 249ක්.

Share This