ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට තවත් මානුෂීය ආධාර තොගයක්

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට තවත් මානුෂීය ආධාර තොගයක්

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය වෙත තවත් මානුෂීය ආධාර තොගයක් ගුවන් මගින් පිටත් කර යවා තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඉන්දියාව එලෙස ඇෆ්ගනිස්ථානය වෙත යොමු කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහනේ 10 වන අදියර ලෙස ඉන්දියාව මෙම ඖෂධ තොගය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එලෙස ලබාදුන් ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ සහ කොරෝනා මර්දන එන්නත් තොගයක් ද වනවා.

එම ඖෂධ තොගය කාබුල් නුවර පිහිටි ඉන්දිරා ගාන්ධි ළමා රෝහල වෙත භාරදීමට නියමිතයි.

තලෙයිබාන් පාලනය හා ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ඇෆ්ගන් වැසියන් වෙත ආධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන් ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව මෙලෙස ඇෆ්ගනිස්ථානයට සහයෝගය ලබාදෙමින් සිටිනවා.

ඇෆ්ගනිස්ථාන වැසියන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් මෙලෙස මානුෂීය ආධාර සපයන බව ඉන්දීය රජය සදහන් කළා.

ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධවලට අමතරව ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය වෙත තිරිගු පිටි ද ලබාදී තිබෙනවා.

Share This