ඉන්දියාවේ අගනුවර වාතයේ ගුණාත්මක භාවය පහත වැටේ

ඉන්දියාවේ අගනුවර වාතයේ ගුණාත්මක භාවය පහත වැටේ

දිවාලි උත්සවයෙන් පසු ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ වාතයේ ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා

අධික පරිසර දූෂණය හේතුවෙන් ගිනිකෙළි තහනම් කර තිබියදීත් නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කළ බවයි පැවසෙන්නේ

දිල්ලිය සති ගණනාවක් තිස්සේ විෂ සහිත වාතය ආඝ්‍රාණය කරමින් සිටින අතර, ළමයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස රජය පාසල් සඳහා ශීත ඍතුවේ නිවාඩු ප්‍රකාශයට පත් කර තිබෙනවා .

අධික දූෂණයට දිගු කලක් නිරාවරණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපවාලි සමයේදී රතිඤ්ඤා භාවිතය තහනම් කර ඇති අතර හරිත රතිඤ්ඤා හෝ විමෝචනය අඩු ඒවාට පමණක් අවසර දී තිබූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

දිල්ලි රජය ද පසුගිය වසර කිහිපය තුළ දීපවාලි සමයේදී රතිඤ්ඤා තහනම් කර ඇතත්, එම නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා අඩු බවයි පැවසෙන්නේ

 

Share This