ඉන්දියාවේ අදානි සභාපති සහ ජනපති අතර හමුවක් ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා අතර හමුවක් අද (25) දිනයේ දී පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර තිබෙනවා.
හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ගෞතම් අදානි මහතා මෙරටට පැමිණෙන්නේ පෞද්ගලික සංචාරයක් සඳහා යි.