ඉන්දියාවේ ඇති ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමේ

ඉන්දියාවේ ඇති ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමේ

ඉන්දියාවේ ඇති ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය සිය මෙහෙයුම් කටයුතු අද(01) සිට නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය රජයෙන් සහයෝගයක් නොමැතිකම, ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතා ඉටු කිරීමේදී ඒවා සපුරාලීමට නොහැකි වීම සහ කාර්ය මණ්ඩල මෙන්ම සම්පත් හිඟය ඊට හේතුව බවයි පැවසෙන්නේ.

“නව දිල්ලියේ ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය සිය මෙහෙයුම් නතර කිරීම සඳහා මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම දැඩි කණගාටුවක් බවත්, එය බලාපොරොත්තු සුන්වීමක්” බවත් එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

Share This