ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු මරුට

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු මරුට

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 11 මිය ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

මිය ගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 10 සහ 13 යන වයස්වල පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින බව සඳහන්.

මෙම ගෑස් කාන්දුව සිදුව ඇත්තේ ලුදියානා ප්‍රාන්තයේ ගියස්පුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකයි.

ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවයි සැක පළ කරන්නේ

එමෙන්ම ගෑස් කාන්දුව වාර්තා වීමත් සමග සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව සඳහන්.

Share This