ඉන්දියාවේ කාශ්මීරයේ නොසන්සුන්තා- 5ක් ජීවිතක්ෂයට 

ඉන්දියාවේ කාශ්මීරයේ නොසන්සුන්තා- 5ක් ජීවිතක්ෂයට 

සිවිල් වැසියන් පස් දෙනෙකු මිය යාමත් සමග ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන්තා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පැය 24කටත් අඩු කාලයකදී එකම ප්‍රදේශයකදී මෙම ඝාතනයන් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

රාජෝරි දිස්ත්‍රික්කයේ නිවාස තුනකට සටන්කාමීන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා

පසුව එම නිවෙස් අසලම සිදුවූ පිපිරීමකින් කුඩා දරුවෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

පිපිරීමට හේතුව පැහැදිලි නොමැති අතර එරට පොලිස් නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

Share This