ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 300ක් සහ මරණ 3ක් වාර්තා වෙයි
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 300ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 2,669 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එම ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මරණ 3 ක් වාර්තා වූ බවයි
කෙසේ වෙතත්, රෝගයේ ප්‍රබලත්වය අඩු වී ඇති බවත් රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ මරණ අනුපාතය වෙනදා තරම් ඉහළ මට්ටමක නැති බවත් සඳහන් .
එය දැන් වෙනත් ඕනෑම ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පවතින බවයි වෛද්‍ය ශ්‍රීජිත් එන් කුමාර් පවසන්නේ