ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පුද්ගලයින් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
ඇසෑම් බලා යන ශීඝ්‍රගාමී දුම්රියක මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 1,053ක පමණ පිරිසක් එහි ගමන් කරමින් සිට ඇති අතර දොඹකර භාවිත කරමින් හානියට පත් මැදිරි ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.