ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 100කට වැඩි පිරිසක්

ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 100කට වැඩි පිරිසක්

ඉන්දියාවේ මිලියන 101ක ජනතාවක් එනම් රටේ ජනගහනයෙන් 11.4% ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නව අධ්‍යයනයකින් හෙළිව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ මිලියන 136 ක ජනතාවක් එනම් 15.3% ක් පූර්ව දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි.

The Lancet Diabetes and Endocrinology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ මිලියන 77 ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බවත් මිලියන 25කට ආසන්න ප්‍රමාණයක් පූර්ව දියවැඩියා රෝගීන් වන බවත් නුදුරු අනාගතයේ දී දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවත්ය .

Share This