ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

අද (28) පෙරවරු 8න් අවසන් වූ පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 7,533 දෙනෙකු වාර්තා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ කේරළයෙන් කොවිඩ් මරණ 16 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ථ මරණ 44ක් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් 53,852ක් දක්වා අඩු වී ඇති බවයි එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ

ඉන්දියාව මේ වන විට කොවිඩ් රෝගීන් මිලියන 4.49 ක් වාර්තා වී ඇති බව සඳහන්.

මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව, රටපුරා කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට එන්නත් මාත්‍රා කෝටි 220.66 ක් ලබා දී තිබෙනවා.

Share This