ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 132ක් ජීවිතක්ෂයට -මෙහෙයුම් තවදුරටත් (VIDEO )

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 132ක් ජීවිතක්ෂයට -මෙහෙයුම් තවදුරටත් (VIDEO )

ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෝර්බි හි පිහිටි මෙම පාලම අලුත්වැඩියා කිරීමෙන් පසු සතියකට පෙර නැවත විවෘත කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනතාව දීපවාලි උත්සවය සමරන විට පාලම මත තදබදයක් තිබූ බවත් මෙම පාලම 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දක් බවත් පැවසෙනවා .

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන් අතර පොලිසිය, හමුදාව සහ ආපදා කණ්ඩායම් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක කර තිබෙනවා

මේ වනවිට පුද්ගලයින් 177කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවද සඳහන් වනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය Harsh Sanghavi පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු පවරා ඇති බවයි.

Share This