
ඉන්දියාවේ පිප්‍රාවා කැණීම්වලදී හමුවූ බුදුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේලා වසර 127 කට පසු යළි ඉන්දියාවට වැඩම කරයි
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ එංගලන්තයට ගෙන යන ලද බුදුන් වහන්සේගේ මෙම උත්තම ධාතුන් වහන්සේලා වසර 127 කට පසු නැවතත් ඉන්දියාවට වැඩම කරවන ලද්දේ ඉන්දීය රජය යටතේ ක්‍රියාත්මක වන ඉන්දීය උරුමය සුරැකීමේ ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් ලෙසයි.
සිය X ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියේ මෙම සුවිශේෂී අවස්ථාව සෑම ඉන්දියානුවෙකුටම ඉතාමත් සතුටුදායක අවස්ථාවක් බවයි.
මෙම ධාතුන් වහන්සේලා 1898 දී නේපාල- ඉන්දීය දේශසීමාවේ පිප්‍රාවා නැමති ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද අතර මෙම කැණීම් වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ එවකට වැඩ විසූ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමියන් වෙතද බ්‍රිතාන්‍ය රජය විසින් පිරිණමා තිබුණා.
මෙම ධාතුන් වහන්සේලා බ්‍රිතාන්‍ය සමයේ එංගලන්තයට රැගෙන ගිය අතර, පසුව එය පෞද්ගලික එකතුවකට අයත්ව තිබුණි.
මෑතකදී මෙම ධාතූන් වහන්සේලා හොංකොං නගරයේ දී වෙන්දේසියකට තබන ලද අතර, ඉන්දියාවට අයත් මෙම ධාතූන් වහන්සේලා වෙන්දේසි කිරීම වැළැක්වීමට ඉන්දියාව ඉතා ඉක්මන් ක්‍රියාත්මක විය.
මෙම ක්‍රියාවලිය සඳහා ඉන්දිය උරුමය සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ, තානාපතිවරුන්ගේ මෙන්ම අන්තර්ජාතික සහයෝගය ද ලැබුණු බව ඉන්දිය අග්‍රමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කොට තිබෙනවා.
ඉදිරියේදී මෙම ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමටද කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.