ඉන්දියාවේ මංගල උත්සවයකදී ආහාර ගත් පුද්ගලයින් 130ක් රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ මංගල උත්සවයකදී ආහාර ගත් පුද්ගලයින් 130ක් රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ මලප්පුරම් ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකදී ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

එම පිරිස මලප්පුරම් දිස්ත්‍රික්කයේ විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි එරට සෞඛ්‍ය නිලධාරීන් අද (19) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රෝහල්ගත කළ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය අසාධ්‍ය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා

මනාලයාගේ පවුලේ අය විසින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයේදී ආහාර ගත් පිරිසකුයි මෙලෙස රෝගී වී ඇත්තේ.

ඔවුන්ට උණ, පාචනය සහ වමනය වැනි ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ මතු වී තිබෙනවා.

Share This