ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය -ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මරුට

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය -ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මරුට

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මිය ගොස් ඇති අතර මැර කණ්ඩායම් විසින් නිවාස, වාහන, පල්ලි සහ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන බව එරට බලධාරීහු පවසා තිබෙනවා

මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ආදිවාසී ප්‍රජාවන් විරෝධතා රැලියක් පැවැත්වීමෙන් පසුව
පසුගිය සතියේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණා

ප්‍රාන්තයේ ජනගහනයෙන් 53%ක් වන Meitei ප්‍රජාවේ සාමාජිකයන් විසින් ඔවුන්ට වනාන්තර ඉඩම්වලට ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මනිපූර්හි තත්ත්වය පාලනය කර ඇති බවත් සාමය පවත්වා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසා තිබෙනවා.

සාමය පවත්වා ගැනීම සඳහා හමුදා භටයන් දහස් ගණනක් ප්‍රාන්තයේ යොදවා ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම අන්තර්ජාල සඳහා ප්‍රවේශ වීමේ පහසුකමද අත්හිටුවා තිබෙනවා

ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක තවමත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බවත් ප්‍රදේශවාසීන් හමුදා කඳවුරුවල රැඳී සිටින අතර, අනෙකුත් ප්‍රාන්ත ඔවුන්ගේ ජනතාව මනිපූර්වලින් ඉවත් කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම් යවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මහාරාෂ්ට්‍ර සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ඇතැම් ප්‍රාන්තවලින් ඉවත්වන අය සඳහා විශේෂ ගුවන් ගමන් සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This