ඉන්දියාවේ යාඥා කරමින් සිටි 35ක් මරුට (VIDEO)

ඉන්දියාවේ යාඥා කරමින් සිටි 35ක් මරුට (VIDEO)

මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ කෝවිලක යාඥා කරමින් සිටි පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් 14 දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය අය ළිඳක් මත තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන සිටියදී ඔවුන්ගේ බරට එය කඩා වැටී ඇති බව එරට පොලීසිය සඳහන් කරනවා.

Beleshwar Mahadev Jhulelal කෝවිලේ සංවිධානය කර තිබූ යාඥා උත්සවයක් අතරතුර මෙම සිදුවීම සිදුව තිබෙන අතර ළිඳ ආවරණය කරන කොන්ක්‍රීට් ලෑල්ල මත මොවුන් සිටගෙන සිටියදී මීටර් 12ක් පමණ ගැඹුරු ළිඳට ඇද වැටි තිබෙනවා

අතුරුදන් වූ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක අතර එරට ප්‍රාන්ත සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ඇතුළු 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටිනවා

මහ ඇමති ශිව්රාජ් සිං චෞහාන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් 500,000 බැගින් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා

Share This