ඉන්දියාවේ රතිඤ්ඤා කම්හලක පිපිරීමක්, 08ක් මරුට – 05කට තුවාල (video)

ඉන්දියාවේ රතිඤ්ඤා කම්හලක පිපිරීමක්, 08ක් මරුට – 05කට තුවාල (video)

ඉන්දියාවේ – බටහිර බෙංගාලයේ, රතිඤ්ඤා කර්මාන්තශාලාවක ඇති වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 08දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයන් 05දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අද(27) පෙරවරු 10ට පමණ මෙම පිපිරීම සිදු ව තිබෙනවා.

එසේම, මෙම කම්හල නීතිවිරෝධී ව පවත්වාගෙන ගිය එකක් බව ද සඳහන්.

පිපිරීමේන්, කම්හල පවත්වාගෙන ගිය නිවස සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, මෙම වසර මුලදී ද මේ අකාරයේ නීති විරෝධී රතිඤ්ඤා කම්හලක සිදු වූ පිපිරීමකින් එම ප්‍රදේශය ආශ්‍රිතව පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබුණා.

Share This