ඉන්දියාවේ රුපියල් දෙදහසේ නෝට්ටු ආපසු භාරදෙන්න ලබාදුන් කාලය දීර්ඝ කරයි

ඉන්දියාවේ රුපියල් දෙදහසේ නෝට්ටු ආපසු භාරදෙන්න ලබාදුන් කාලය දීර්ඝ කරයි

රුපියල් දෙදහසේ නෝට්ටු ආපසු භාර දීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීමට ඉන්දීය මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

මේ වන විටත් ආපසු ලැබී ඇත්තේ නිකුත් කර ඇති රුපියල් දෙදහසේ නෝට්ටුවලින් 96%ක් පමණක් බවයි ඉන්දීය මහ බැංකුව පවසන්නේ.

අදාළ කාලය ඔක්තෝබර් 7 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එය සතියක කාලයකින් දීර්ඝ කර තිබෙනවා.

සංසරණයේ පවතින රුපියල් 2000 නෝට්ටුවල මුළු වටිනාකම පසුගිය මැයි මස 19 වනදා වන විට රුපියල් ට්‍රිලියන 3.56 සිට සැප්තැම්බර් 29 වන විට රුපියල් බිලියන 140 දක්වා පහත වැටී ඇති බව සඳහන්.

රුපියල් 2,000 නෝට්ටු 2016 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ අනෙකුත් ඉහළ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු ඉවත් කිරීම සඳහායි.

කෙසේවෙතත් ඉන්දීය මහ බැංකුව විසින් වසර හතරකට පෙර රුපියල් දෙදහසේ නෝට්ටු මුද්‍රණය කිරීම නවතා දමනු ලැබුවා.

Share This