ඉන්දියාවේ විදුලි ඉල්ලුම එකවර ඉහළ යයි

ඉන්දියාවේ විදුලි ඉල්ලුම එකවර ඉහළ යයි

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක විදුලි ඉල්ලු‍ම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එරට බලශක්ති සැපයුමට බලපෑම් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

ජනවාරි මාසයේ දී විදුලිය සඳහා වූ උපරිම ඉල්ලු‍ම ගිගාවොට් (gigawatt) 211ක් දක්වා ඉහළ අගයක් ගත් බවයි ඉන්දීය විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයේදී ගිගාවොට් (gigawatt) 229කට අධික විදුලි ඉල්ලුමක් ඇතිවිය හැකි බවටයි ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ.

එමෙන්ම ආනයනික ගල් අඟුරු භාවිතා කරන විදුලි බලාගාර ගිම්හාන සමයේදී මාස තුනක් සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන ලෙස දැනටමත් නියෝග කර තිබෙනවා.

Share This