ඉන්දියාවේ ස්මාට් දුරකථන බිලියනයක්
වර්ෂ 2026 වන විට ඉන්දියාවේ ස්මාට් ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව බිලියනයක් ඉක්මවා යනු ඇතැයි සමීක්ෂණයකදී පුරෝකතනය කර තිබෙනවා.
මේ වනවිට ඉන්දියාවේ ජනසංඛ්‍යාව බිලියන 1.4 කට ආසන්න වන අතර ඉන් බිලියන 1.2 ක්ම ජංගම දුරකථන භාවිතා කරන බව සදහන්.
ඉන්දියාවේ සෑම ගමකටම ෆයිබර් අන්තර්ජාලා පහසුකම් ලබාදීම සදහා භාරත්නෙට් නමින් වන වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක අතර එය 2025 වසරේදී අවසන්වීමට නියමිතයි.
ඊට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වැඩිවැඩියෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට යොමුවනු ඇති බවත් 2026 වන විට ග්‍රාමීය ජංගම දුරකථන භාවිතා කරන්නන්ගෙන් සියයට 75 ක් ස්මාර්ට් දුරකථන භාවිතා කරනු ඇති බවත් සදහන්.
එම වසර වනවිට නාගරික ජංගම දුරකථන භාවිතා කරන්නන් අතරින් සියයට 95 ක්ම ස්මාර්ට් දුරකථන භාවිතා කරනු ඇති බවටයි මෙහිදී වැඩිදුරටත් පුරෝකතනය කර ඇත්තේ.