
ඉන්දියාවේ සිට ලුම්බිණියට ගිය ශ්රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ගැන නිවේදනයක්
ඉන්දියාවේ සිට මාර්ගයෙන් ලුම්බිණියට ගිය ශ්රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට නේපාලයෙන් පිටත්ව යාමට සූදානම් වෙමින් ඉන්දියා-නේපාල දේශසීමාවේ සිටින බව ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඔවුන්ගේ සබදතා ක්රියාත්මක නොවන බැවින්, ක්රියා පටිපාටි කඩිනම් කිරීම සඳහා ශ්රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නේපාලයේ ආගමන බලධාරීන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී ඇත.
තානාපති කාර්යාලයට අනුව, නේපාල හමුදාව තත්ත්වය පාලනය කර ඇති අතර ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙමින් දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වුණේ මහජනතාව නියෝගයට අනුකූල වෙමින් සිටින බවයි.