ඉන්දියාවේ හිම දිවියන් 718ක් – සමීක්ෂණයකින් හෙළිවෙයි

ඉන්දියාවේ හිම දිවියන් 718ක් – සමීක්ෂණයකින් හෙළිවෙයි

ඉන්දියාවේ හිම දිවියන් 718 දෙනෙකු සිටින බව සමීක්ෂණයකින් හෙළිවී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හිම දිවියන්ගේ ගෝලීය ගහනයෙන් දළ වශයෙන් 10-15% ක් පමණ ඉන්දියාවේ සිටින බව සඳහන්.

ස්වභාවික සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් හිම දිවියා වඳවී යාමට ලක්විය හැකි සතුන් ලෙසත් වර්ගීකරණය කර තිබෙනවා.

වනයේ සිටින හිම දිවියන්ට වාසස්ථාන අහිමි වීම සහ දඩයමට ලක්වීම වැනි හේතු නිසා ඔවුන් තර්ජනවලට මුහුණ දී ඇති බව එම සමීක්ෂණයෙහි දැක්වෙනවා.

මෙම සමීක්ෂණය සඳහා 2019 සිට 2023 දක්වා තොරතුරු ගෙන තිබෙනවා.

හිම දිවියන්ගේ සංඛ්‍යාව තීරණය කිරීමේ ගෝලීය ප්‍රයත්නයක් වන ලෝක හිම දිවියන්ගේ ජනගහන තක්සේරුවේ කොටසක් ලෙස එය පවත්වා ඇති බව සඳහන්.

ඉන්දියාවේ සිදුකර ඇති සමීක්‍ෂණය මගින් හිමාලයානු කලාපය හරහා දළ වශයෙන් වර්ග කිලෝමීටර් 120,000ක පමණ භූමි ප්‍රදේශයක හිම දිවියන් වාසය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This