ඉන්දියාව කැනේඩියානුවන් සඳහා වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවයි

ඉන්දියාව කැනේඩියානුවන් සඳහා වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවයි

ඉන්දියාව කැනඩා ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කැනඩාවේ සික් නායක Hardeep Singh Nijjar ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව එරට අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීම නිසා ඇතිව ඇති මත ගැටුම් මධ්‍යයේ ඉන්දියාව මෙලෙස කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ

වීසා අත්හිටුවීම සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරන බවයි ඉන්දියාව පවසන්නේ

Share This