ඉන්දියාව ගැන අමෙරිකාවේ අලුත්ම අදහස

ඉන්දියාව ගැන අමෙරිකාවේ අලුත්ම අදහස

ඉන්දියාව යනු වැදගත් හවුල්කරුවෙකු බව අමෙරිකාවේ බයිඩ්න් පාලනය පවසනවා.

ඒ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක Ajith Doval අමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින පසුබිමක් තුළයි.

මෙම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක උපදේශක Ajith Doval අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sulivan ද හමුවුණා.

එවන් පසුබිමක් තුළ බයිඩ්න් පාලනය පවසන්නේ වෙළඳ සහයෝගිතාවය ඇතුළු කරුණු ගණනාවක දී ඉන්දියාව යනු වැදගත් හවුල්කරුවෙකු බවයි.

එමෙන්ම ආරක්ෂක සහයෝගිතාවයේදී ද ඉන්දියාව, අමෙරිකාවට වැදගත් බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක Vedant Patek පවසා ඇත්තේ.

ඒ හමුවේ ඉන්දියාව සමග පවතින සබදතා අමෙරිකාවට අතිශය වැදගත් බව ද ඔහු පවසා තිබෙනවා.

Share This