ඉන්දියාව තවත් සඳ ගමනකට සැරසෙයි

ඉන්දියාව තවත් සඳ ගමනකට සැරසෙයි

ඉන්දියාව සිය සඳ ගමනේ තවත් අදියරකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව චන්ද්‍රයාන් මෙහෙයුමේ 03 වන අදියර ලබන වසරේ ජූනි මාසයේදී එළිදක්වන සූදානමක් පවති බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානයේ (ISRO) සභාපති ආචාර්ය එස් සෝමනාත් පැවසුවේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව අනාවරණ කර තිබෙනවා.

චන්ද්‍රයාන් 3 මේ වනවිටත් සූදානම් බවත්, එහි අවසන් අදියරේ මූලික පරීක්ෂණ කටයුතු මේවනවිට සම්පූර්ණ කර ඇති බවත් ආචාර්ය එස් සෝමනාත් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් තවත් පරීක්ෂණ කිහිපයක් තවමත් ඉතිරිව ඇති බැවින් චන්ද්‍රයාන් 3 මෙහෙයුම තවත් කෙටි කාලයකට ප්‍රමාද කෙරෙන බවයි ඔහු සදහන් කළේ.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම දියත් කිරීම සදහා ඉන්දියාව කාල රාමු දෙකක් සූදානම් කර තිබෙනවා.

ඉන් එකක් පෙබරවාරි මාසයට සහ අනෙක ජූනි මාසයට යෙදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව චන්ද්‍රයාන් 3 දියත් කිරීම සදහා ජූනි මාසය තෝරා ගන්නා බව ආචාර්ය එස් සෝමනාත් පවසනවා.

ඔහු මෙම අනාවරණය සිදු කළේ ඉන්දියාව සාර්ථකව ඒකාබද්ධ මෙහෙයුමක් හරහා රොකට්ටුවක් මගින් අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් කක්ෂගත කිරීමෙන් අනතුරුවයි.

Share This