ඉන්දියාව තුන්වන වතාවටත් තලේබානයට ඖෂධ දෙයි
ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසුව එරටට තුන්වන වතාවටත් ඖෂධ ආධාර සැපයීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉන්දියාව, ඇෆ්ගනිස්තානයට ආධාර සපයන ප්රමුඛ රටක් වුවත් තලේබාන් සංවිධානය එහි බලය අල්ලාගැනීමත් සමග එම ආධාර අත්හිටුවනු ලැබුවා.
කෙසේවෙතත් ,පසුව ඉන්දියාව සඳහන් කළේ ඇෆ්ගනිස්තාන ජනතාවගේ මානුෂීය අවශ්‍යතා සලකා බලා යළි ආධාර සැපයීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව, මීට පෙර දෙවතාවකදී ළමා රෝහල්වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ සහ කොරෝනා එන්නත් සැපයීමට ඉන්දියාව පියවර ගත්තා.
පසුගියදා යළිත් ඇෆ්ගනිස්තානයට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සැපයීමට පියවර ගත් බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ.
මේ අතර ඇෆ්ගනිස්තානයේ ජනතාව වෙත තිරිගු පිටි මෙට්‍රික් ටොන් 50,000 ක ආහාර ආධාර ලබාදීමට ද ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.