ඉන්දියාව තුළ යළිත් හිස ඔසවන කොවිඩ්

ඉන්දියාව තුළ යළිත් හිස ඔසවන කොවිඩ්

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දෛනික කොවිඩ් සංඛ්‍යාව සියයට 63 කින් වැඩි වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව එම ප්‍රාන්තයෙන් අද (30) දිනයේ නව රෝගීන් 694 ක් හඳුනා ගෙන ඇති බව සඳහන්.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේ රෝගීන් 483 ක් වාර්තා වි ඇති අතර කොවිඩ් මරණ වාර්තා වී නැහැ.

ප්‍රාන්තය අවසන්වරට මේ ආකාරයෙන් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 27 වන දිනයි.

ඒ අනුව රෝගීන් 972 ක් වාර්තා වී තිබුණා

මීට අමතරව මුම්බායි, පූනේ, තානේ, රයිගාඩ්, නාෂික් සහ සංග්ලි වැනි ප්‍රදේශවලද දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින බව සඳහන්.

ජනාකීර්ණ ස්ථානවලට රැස් වීමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ආසාදනය පැතිරීම අවම කිරීම සඳහා මුහුණු ආවරණ භාවිතා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

Share This