ඉන්දියාව දැඩි ආරක්ෂාවක් යටතේ ඇරඹූ G20 රැස්වීම

ඉන්දියාව දැඩි ආරක්ෂාවක් යටතේ ඇරඹූ G20 රැස්වීම

G20 රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඉන්දියාවේ කාශ්මීරයේ දී ආරම්භ කර තිබෙනවා

මෙම රැස්වීම අද (22) සිට බදාදා දක්වා පැවැත්වෙන අතර G20 සාමාජික රටවල නියෝජිතයින් 60 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත වනවා

සංචාරක ව්‍යාපාරය පිළිබඳ මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා

කාශ්මීරයේ G20 සමුළුවක් පැවැත්වීමට චීනය විරුද්ධ වී ඇති අතර සෞදි අරාබිය එම උත්සවය සඳහා ලියාපදිංචි වී නොමැති බවයි පැවසෙන්නේ .

මෙම රැස්වීමෙන් ඉවත්වීමට තුර්කිය තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේ වෙතත්, චීනය ප්‍රකාශ කර ඇත්තේ ආරවුල් සහිත තත්ත්වයක් පවතින ප්‍රදේශයක G20 රැස්වීම් පැවැත්වීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන බවත් ඒ සඳහා තම රට සහභාගී නොවන බවත්ය.

G20 සාමාජිකයෙකු නොවන පාකිස්ථානය , කාශ්මීරයේ රැස්වීම් පැවැත්වීමට ඉන්දියාව ගත් තීරණය විවේචනය කර ඇති අතර වගකීම් විරහිත පියවරක් ලෙසයි හඳුන්වා ඇත්තේ .

කෙසේවෙතත් රැස්වීම පැවැත්වෙන ස්ථානය වන ශ්‍රීනගර් හි දාල් ලේක් සහ ෂර්-ඊ-කාශ්මීර් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානය (SKICC) අවට ආරක්ෂාව ද තර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

Share This